ගෝඨා දිනවන්න ශ්‍රීලනිපයෙන් රට පුරා රැස්වීම් 400ක්!

October 13, 2019 at 11:16 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පළාත් පාලන ආයතන මට්ටමින් රැස්වීම් තුන්සිය හතළිස් එකක් හා කොට්ඨාස මට්ටමින් රැස්වීම් එකසිය පනහක් ඇතුළුව ප්‍රධාන රැස්වීම් ගණනාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම්වලටද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහභාගි වන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක විරකුමාර දිසානායක පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට සියලුම ආසන හා දිස්ත්‍රික් සංවිධායකවරුන් පොදු තීරණයකට එළඹ තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස