ගල් ලෙන බින්ද පාඨලී එජාපයේ බින්න බහී! මහරගම ආසනයත් දෙයි! විජිතමුණිට කටාන!

June 19, 2019 at 10:15 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව අසීරුතාවට පත් වූ අවස්ථාවල බෙහෙවින් උදව් කළ එජාප නොවන දේශපාලකයන් එජාපයට එකතු කරගෙන ආසන සංවිධායක ධුර ලබා දීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සාකච්ඡා කර තිබේ.

මේ අනුව ජාතික හෙළ උරුමයේ නායක ඇමති පාඨලී චම්පික රණවකට මහරගම ආසනය ද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසාට කටාන ආසනය ද ලබා දීමට යෝජනා වී ඇත.

මේ පිළිබඳ විරෝධතා මතු වුවද බහුතර මතය වී ඇත්තේ තම ආණ්ඩුව පවත්වා ගෙන යාමට කළ සේවය උදෙසා යම් වටිනාකමක් ඔවුන් වෙත ලබා දිය යුතු බවය.

මේ අනුව ඇමති පාඨලි චම්පික රණවක මහරගම එජාප ආසන සංවිධායක ධුරයට පත්වුවහොත් හෙළ උරුමය විසුරුවා හැරීමට හෝ ඉන් ඉවත් වීමට සිදුවනු ඇත. කටාන ප්‍රදේශයේ දී එජාප පාක්ෂිකයන් පිරිසක් පසුගියදා හූ කියා විරෝධය පළ කළේ විජයමුණි සොයිසාටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස