මොනරාගල සම්මතය ගංජා! සම්මතයට විරුද්ධ වෙන්න මට බෑ! – විජිත් විජයමුණි

April 10, 2019 at 3:57 pm | by admin

බුදු රජානන් වහන්සේ වැඩ වාසය කළ ජේතවනාරාමයට යාබද වත්තේ චුන්දසූකරයාගේ ඌරු කොටුව පැවති බවත් බුදුන් වහන්සේ පවා ඊට එරෙහි නොවූයේ සමාජ සම්මතයට පිටුපෑමට අයිතියක් නැති නිසා බවත් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පවසයි.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ මොනරාගල ගංජා ජාවාරම මැඩලීමට සූදානම් දැයි මාධ්‍ය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. බුදුන් වහන්සේ පවා සමාජ සම්මතයට පිටු නොපෑ නිසා මොනරාගල සමාජ සම්මතය වන ගංජා ජාවාරමට එරෙහි වන්නට තමාට හැකියාවක් නැතැයි මන්ත්‍රීවරයා පවසයි. සිය පළාතට උක් වගාවෙන් රු. බිලියන 4ක ආදායමක් ලැබෙන බවත් ගංජාවලින් ලැබෙන ආදායම මෙතෙක් ගණනය කර නැති බවත් හෙතෙම

පසුගිය මහ මැතිවරණයේ දී පරාජයට පත්වූ විජිත් විජයමුණි සොයිසා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇමති ධුරයක් ද ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය විරෝධි සටනට තමා සහාය වන බව ද එතුමා සිය නායකයා බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

හිරු රූපවාහිනි නාළිකාව සමග පැවති සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස