කටානේ එජාප සංවිධායක වෙන්න පැමිණි අප්පච්චි මළෝ ජනතාව හූ කියා පන්නා ගනිති! (video)

June 3, 2019 at 11:03 am | by admin

කටාන කඳවල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ හමුවකට සහභාගී වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසාට එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් ඊයේ (02) දැඩි විරෝධයක් එල්ල කර හූ කියා පන්නා ගැනීමට කටයුතු කළේය.

විරෝධය දැක්වූවන් පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ කටාන ආසනයේ නව සංවිධායකවරයා ලෙස පෙනී සිටිමින් මන්ත්‍රීවරයා මෙම හමුවට සහභාගී වූ බවයි. කටාන එජාප සංවිධායක ධුරය ලැබුණේ කවදා දැයි එහිදී පිරිස මන්ත්‍රීවරයාගෙන් විමසූ අතර සිය ආසනය විනාශ කිරීමට ඔහු පැමිණ ඇතැයි චෝදනා කළහ.

ඉදිරියේදී රනිල් පරාජයට පත් වූ ඒ අප්පච්චිත් මළා යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණට යනු ඇතැයි ද නැවත කටාන නොපැමිණෙන ලෙස ද ජනතාව එහි දී කෑගැසූහ.

පහුගිය මැතිවරණයේ දී පරාජයට පත්වූ විජිත් විජයමුණි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ඇමති ධුරයක් ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. කෙසේ වුවද දින 52 ආණ්ඩුව සමයේ රනිල් වික්‍රමසිංහට සහාය පළ කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *