කොන්දේසි යටතේ භූමදානයට අවසර…! පාංශුකූලයටත් අවස්ථාව ලැබේ…! – විද්වත් කමිටු වාර්තාව මෙන්න..

January 2, 2021 at 8:51 am | by emanisa.lk

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුව මගින් එම සිරුරු ආදාහනයට මෙන් ම භූමදානයට ද ඉඩදිය හැකි බවට නිර්දේශ කර තිබේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සංජීව මුණසිංහ විසින් මෙම කමිටුව පත් කළේ ය.

ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා සභාපතිත්වය දරන විශේෂඥයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවෙහෙි ක්ෂුද්‍රජීව විද්‍යාව, වෛරසවේදය, ප්‍රතිශක්තිවේදය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත ය.

වර්තමාන ලෝක විද්වතුන්ගේ නිර්දේශ අනුව අවසන් කටයුතු කිරීමේ දී සිරුර සීල් කළ බහාලුම් දෙකක බහාලිය යුතු අතර භූමදානය කිරීමේ දී අදාළ වළ මීටර 1.5ක් ගැඹුරු විය යුතු අතර භූගත ජල මට්ටමට වඩා මීටර 1.2ක් ඉහළින් විය යුතු ය. එසේ ම එම වළ පහත් බිමකට අවම වශයෙන් මීටර 10ක් දුරින් විය යුතු අතර ජල ළිඳකට මීටර 250ක් දුරින් විය යුතු බව ද දිය පහරක සිට අවම වශයෙන් මීටර 30ක් දුරින් විය යුතු බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

එසේ ම ආදාහනයේ දී හෝ භූමදානය කිරීමේ දී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන ආගමික කටයුතු කිරීම සඳහා විනාඩි 10ක් ලබා දීමට ද නිර්දේශ කර තිබේ. මෙම අවස්ථාව සඳහා එක් ආගමික පූජ්‍ය හෝ පූජකතුමෙකුට ද පවුලේ සිව් දෙනෙකුට ද සහභාගී විය හැකි බව එමගින් නිර්දේශ කර ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස