අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ජාතිවාදී ගැටුම් අවුලන්න යොදා ගැනීම අනුමත කරන්න බෑ! – අගමැති…

December 30, 2020 at 8:18 am | by emanisa.lk

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුද? නැතිද? කියා රට තුළ මත දෙකක් ඉදිරිපත් වීමෙන් පෙනී යන්නේ රටේ ජනතාවට තම නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තිබෙන බව යැයි අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (29) ප‍්‍රකාශ කළේ ය.

එමෙන් ම ‘කොරෝනා’ රෝගය වැළඳී මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු කිරීමේ දී භූමදානය හෝ ආදාහනය පිළිබඳව ද විවිධ අදහස් ඉදිරිපත් වන බව ද මේ සෑම අදහසක් පිළිබඳව ම ආණ්ඩුව හොඳින් විමසා බලන බව ද අග‍්‍රාමාත්‍යවරයා කීවේ ය.

මෙලෙස අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගෙන කිසිවකුත් ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් උසිගන්වා ප‍්‍රශ්න ඇති කිරීමට උත්සාහ දැරීම මේ රටේ බුද්ධිමත් ජනතාව අනුමත නො කරන බව ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *