ආදාහනය ද.. භූමදානය ද…? තීන්දුව සෞඛ්‍ය බලධාරීන් ගන්න..! දේශපාලකයින් නිහඬ වනු..!

December 29, 2020 at 8:37 am | by emanisa.lk

කොරෝනා මරණ ආදාහනය කරනවා ද භූමදානය කරනවා ද යන තීන්දුව ගතහැක්කේ සෞඛ්‍ය බලධාරීන්ට පමණක් බැවින් තව දුරටත් දේශපාලකයින් ඒ පිළිබඳ මත ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි.

මෙම තීන්දුව සම්පූර්ණයෙන් ම සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දුවක් බැවින් එය පිළිගැනීමට ජනතාව මැළිකමක් නොදක්වනු ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

තවත් ප්‍රමාද නොකර මේ පිළිබඳ තීන්දුවක් ගෙන එහි විද්‍යාත්මක පදනම රටට ප්‍රකාශ කිරීම සෞඛ්‍ය බලධාරීන් වගකීමක් බවත් හෙතෙම සඳහන් කළේ ය.

එසේ නොමැතිව දේශපාලන වාසි තකා විවිධ ප්‍රකාශ කරමින් ජනතාවගේ මොළ සේදීමට දේශපාලකයන් කටයුතු නොකළ යුතු බවත් සෞඛ්‍ය අංශවලට ස්වාධීනව තීන්දුව ගැනීමට ඉඩලබා දිය යුතු බවත් වසන්ත සමරසිංහ අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස