එදා යුද්ධය ඉවර කළේ ජෙප්පො හදලා දුන්න ජනාධිපතිකම නිසායි! දැන් අපිත් ජෙප්පො වගේ බව අමතක කරන්න එපා! – ශ්‍රීලනිපය

September 20, 2019 at 1:49 pm | by emanisa.lk

පොහොට්ටුව සහ ශ්‍රීලනිපය එකතු වී පුටුවෙන් තරඟ කළ යුතු බවත් පුටුව පොහොට්ටුව ගෙන පුටු ඇන්ද ශ්‍රීලනිපයට දීම ප්‍රමාණවත් බවත්
ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පවසයි.

ඔහු මේ බව පැවසුවේ ස්වෙච්ඡා සංවිධාන සඳහා ජෙනරේටර් බෙදාදීමේ වැඩසටහනකට බොරලන්ද පිටපොල ප‍්‍රදේශයේදී සහභාගි වෙමිනි.

“එදා 2005 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණයි අපියි සන්ධානයක් ගැහැව්වා. අපි පුටුව අයින් කරලා බුලත් කොළේ දැම්මා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පොඩි පක්ෂයක්. ඒත් ජනතා විමුක්ති පෙරමුණ කියන එක අපි අහන්න ඕනි. එදා ජෙප්පෝ නැත්නම් අපි බක්කෝ. දැන් ඉන්න සොක්කොන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒක නෙමෙයිද ඇත්ත. එදා ජේවීපී කාරයෝ අපිට උදව් කරලා ජනාධිපති හදලා දුන්නා. ඒ හදපු ජනාධිපති කමින් තමයි අපි යුද්ධය ඉවර කළේ.”

“එදා අපි ජනාධිපතිවරණය දිනුවේ ඡන්ද එක්ලක්ෂ අසුදහස් ගාණකින්. ජනතා විමුක්ති පෙරමුණ එකතු කර ගත්තේ නැත්තම් එදා අපිට දිනන්න පුළුවන්ද? ජනතා විමුක්ති පෙරමුණ එදා කිව්වා අපි පුටුවට එන්නේ නෑ කියලා. අපි ජවිපෙට හිස නමලා බුලත් කොළේ දැම්මා. මේක තමයි ඇත්ත. ජේවීපී කාරයෝ මට බණිනවා. සමන්ත විද්‍යාරත්න හැමදාම මට බණිනවා. ඒක වෙනම කතාවක්.

ඒ වුණාට ඒ යුතුකම අපි තියන්න ඕනි. එදා ජෙප්පෝ නිසා තමයි අපි ජනාධිපති හදා ගත්තේ. ඒ නිසා මේවා කල්පනා කරලා කරන්න ඕනි දේවල්. අපි ‘94 ආණ්ඩුව හැදුුවේ පුටුවෙන්. අද පුටුව තියෙන්නේ ඒ අය ළඟ. දි.මු. ජයරත්න තමයි පොදුජන එක්සත් පෙරමුණේ ලේකම් තාමත්.

මම කියන්නේ පුටුව දාන්න ඕනි. එතකොට පොදුජන පෙරමුණේ අය පුටුවේ මැද වාඩිවෙයි. පුටුවේ ඇන්දකින් අපි වාඩි වෙනවා. කොහෙන් හරි වැඩේනේ යන්න ඕනි. දිනන්න නම් අපි එකතු වෙන්න ඕනි. අපිට පුටුවේ ඇන්ද දුන්න නම් ඇති. පුටුවේ සම්පූර්ණයෙන්ම පොදුජන පෙරමුණ වාඩි වුණාදෙන්. අපි පුටුවේ ඇන්ඳේ වාඩිවෙලා ගමන යනවා. එහෙම නැතිව මේ රට හදන්න බැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස