එජාප මන්ත්‍රී 2/3 බහුතරයක් සජිත්ට! බහුතරයට හිස නමන්නැයි රනිල්ට ලිපියක්!

August 10, 2019 at 2:39 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමක් වහාම කැඳවිය යුතු බවට ලිපියක් එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් අත්සන් කොට ඇත.

ඒ සඳහා වන යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගනිමින් අදාළ ලිපිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට තීරණය වී තිබේ.

නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පාර්ශ්වය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර ඒ සඳහා අත්සන් යෙදීම මෙම සතිය පුරාම සිදුවී ඇත. එය ඊයේ (09 දා) වන විට එහි අවසන් අදියරට පැමිණි බව එජාපයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ඒ අනුව අදාළ අත්සන් ලේඛනය සඳහා ආණ්‌ඩු පාර්ශ්වය නියෝජනය කරන එජාප මැති ඇමැතිවරුන්ගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක්‌ අත්සන් ලබා දෙන බව ද එම ප්‍රකාශකයා පැවසීය.

එජාප ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගත යුත්තේ මෙම කණ්‌ඩායම් දෙකෙහිම බහුතර කැමැත්ත මත බව යැයි ද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස