BMICH විකුණා දමන්න සූදානම්!

June 28, 2019 at 9:48 pm | by emanisa.lk

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව පෞද්ගලික අංශයට විකුණා දැමීම සඳහා ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වෙයි.

ලංකාවේ ඇති ප්‍රධාතනම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වන මෙය දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක සිහිවීම පිණිය චීන රජයෙන් මෙරටට ලැබුන පරිත්‍යාගයකි.

ඒ සඳහා 1964 අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ ද 1965 බලයට පත් එජාප ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීම වසර ගණනාවක් පමා වූ අතර 1970 සිරිමා බණ්ඩාරනායක රජය සමයේ වැඩ ආරම්භ කළ මෙම සම්මන්ත්‍රණ ශාලාවේ ඉදිකිරීම් කටයුතු 1973 අවසන් කර විවෘත කරන ලදි.

මෙම සම්මන්ත්‍රණ ශාලාව ඉදිකර අවුරුදු 46කට පමණ පසු එජාප රජයක් යටතේම එය පෞද්ගලික අංශයට විකුණා දැමීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස