එජාපය දෙකඩ නොකරන්නැයි ස්වාධීන කතානායක සජිත්ගෙන් ඉල්ලයි!

August 28, 2019 at 10:21 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය ‌දෙකට කැඩීමෙන් වැළකී සිටින ‌ලෙස කතානායක කරු ජයසූරිය එජාප නියෝජ්‍ය නායක සජිත් ‌‌ප්‍රේමදාසට දැඩිව අවවාද කර ඇති බව වාර්තා වෙයි.

ඊ‌යේ (27) රාත්‍රියේ කතානායක නිල නිවසේ දෙදෙනා අතර පැවැති විශේෂ සාකච්ජාවකදී පක්ෂය ‌‌දෙකඩ කිරීමෙන් වැළකී සිටින ‌‌‌‌ලෙසත්, පක්ෂ ව්‍යවස්ථාවට හා සම්ප්‍රදායට අනුව පක්ෂය ඇතුළේම ප්‍රශ්නය විසදාගන්නා ‌ලෙසත් කතානායකවරයා අවවාද කර තිබේ.

කෙසේ වුවද දෙදෙනා අතර එකඟතාවක් ඇති වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ කරුණු අසත්‍ය බවත් එවැනි තොරතුරු මාධ්‍ය වෙත ලබා නොදෙන ලෙස කතානායකවරයා ඇමති සජිත් අමතා දැනුම් දී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස