ඇල්පිටියෙන් ලැබෙන්නේ ජනාධිපතිවරණ ප්‍රථිඵලයමයි!

September 1, 2019 at 8:05 am | by emanisa.lk

අධිකරණ නියෝග මත පැවැත්වීමට සූදානම් වන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලය එළඹෙන ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බොහෝ දුරට සමාන වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

එම මැතිවරණය හැකි ඉක්මනට පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ඒ අනුව ප්‍රාදේශීය සභා මැතිවරණය සැප්තැම්බර් අග හෝ ඔක්තෝබර් මුල පැවැත්වෙනු ඇත.

2018 පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළේ එම පක්ෂයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස