පළාත් සභා නොව ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය දෙනු! – එජාපය සහ ජවිපෙ පළාත් සභා ඡන්දයට එරෙහි වෙයි!

February 10, 2019 at 3:54 am | by admin

පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමෙන් රටේ පවතින ගැටලුවලට විසඳුම් නොලැබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි. ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (09) සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා ඇත..

එහිදී වැඩි දුරටත් මන්ත්‍රීවරයා සඳහන් කළේ එජාපයට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ වැඩි බලයක් සමග ශක්තිමත් ආණ්ඩුවක් සෑදීම බවත් එසේත් නොමැති නම් එජාපය වෙත ජනාධිපති ධූරයත් ලබාගෙන රට එක කොඩියක් යටතට පත් කිරීම බවත්ය.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ පළමුව පැවැත්විය යුත්තේ මහ මැතිවරණය බවයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මේ බව සඳහන් කළේය. එසේම පළාත් සභා මැතිවරණය කල්යාමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ද වගකිව යුතු බව ඔහු පවසයි. ජවිපෙ පවසන්නේ මේ වන විට රටේ ඇති අස්ථාවරභාවයට ඇති එකම විසඳුම පාර්ලිමේන්තු මහමැතිවරණය බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස