පළාත් සභා ඡන්දය ජුනි මසට පෙර තීන්දුයි!

January 30, 2019 at 8:01 am | by admin

පළාත් සභා මැතිවරණය ජුනි මාසයට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩලය එකඟ වී ඇත. ඒ සම්බන්ධව වන යෝජනාවට ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වී ඇති බව ද පැවසේ.

ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුවය. එහිදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධව යෝජනා 3ක් ඉදිරිපත් කිරීමට ද ජනපතිවරයා කටයුතු කර තිබේ.

ඒ අනුව පැරැණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමටත්, කාන්තා නියෝජනය 25%ක් විය යුතු බවත්, සියලු පළාත් සභා එකවර මැතිවරණය පැවැත්විය යුතු බවත් යෝජනා වී ඇත.

ඒ අනුව ඉදිරියේ දී දැනට විසිරි නොමැති පළාත් සභා කිහිපය ද විසුරුවා හැර නැතහොත් කල් ඉකුත් වූ පසු සියලු පළාත් සභා සඳහා මැතිවරණය පැවැත්වෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස