ආණ්ඩුව ඡන්දයට බියෙන් පිස්සු වැටෙයි! ඇල්පිටිය තේරීම්භාර නිලධාරියා මාරුකරන සැලසුමක්! කැබිනට් පත්‍රිකාව සූදානම්! මකොගෙන් අනුමැතියත් ඉල්ලලලා! – ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා…

September 18, 2019 at 4:38 pm | by emanisa.lk

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ තේරීම්භාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරන ගාල්ල දිසාපතිවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා අද (18) චෝදනා කරයි.

එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ද ඒ සදහා අවසරය ඉල්ලා තිබෙන බවත් මෙම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි ක‍්‍රියාවට කිසිදු අනුමැතියක් නොදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

විපක්‍ෂනායක කාර්යාලයේදී අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.

මෙම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධි ක‍්‍රියාවට කිසිදු අනුමැතියක් නොදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව කී මන්ත‍්‍රීවරයා මෙවැනි ක‍්‍රියා සිදුකිරීමෙන් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ ගන්නා බවද ඔහු සදහන් කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂාකරන බවට පොරොන්දුවී බලයට පැමිණි එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ කල්දමමින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවල නිරත වන බවට ද මෙවැනි ක‍්‍රියා සිදුකිරීමෙන් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට එක්සත් ජාතික පක්‍ෂය උත්සාහ ගන්නා බවට ද මන්ත‍්‍රීවරය චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස