අවුරුදු 4ට රටට හෙණ ගැහුවා! ගෝඨාට බය කුපාඩි සල්ලාලයෝ! අපි ගෝඨා ජනාධිපති කරනවා! – ගෝඨාට එරෙහි අවලාද ව්‍යාපාරය මුස්ලිම් කතක් වනසා දමයි… (video)

October 5, 2019 at 5:59 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂට බොරු චෝදනා නඟමින් ආණ්ඩු පක්ෂය සහ ජවිපෙ ගෙන යන අයුක්ති සහගත වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරන මුස්ලිම් කාන්තාවකගේ කතාවක් ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයෙහි පැතිර යයි.

මෙම උද්වේගකර කතාව ඈ විසින් සිදුකරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දැමීමෙන් පසු බව පෙනේ.

අවුරුදු හතරක් තිස්සේ මේ රටට හෙණ ගසා ඇතැයි ඕනෑම අයෙකුට වැටහෙන බවත් බොරු චෝදනා නඟමින් ගෝඨාභය රාජපක්ෂ වන සිය නායකයාට අපහාස නොකරන ලෙසත් ඉල්ලා සිටින ඇය එළඹෙන මැතිවරණයේ දී පොහොට්ටුව ඉදිරියෙන් කතිරය ගසා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට බුද්ධිමත් තීන්දුවක් ගන්නා ලෙසත් ඉල්ලා සිටියි.

එජාප ජවිපෙ ක්‍රියාකාරීන් කෙතරම් මඩ ගැසුවත් ගෝඨාභය ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳ තමා ආඩම්බර වන බව පවසන එම කාන්තාව මේ රටේ සියලු ජන කොටස්වලට සමගියෙන් බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැක්කේ ඔහුගේ පාලනයක් තුළ බවට සහතික කරයි.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මඩ අවලාද නඟන්නේ ගෝඨා ආවොත් කුපාඩිකම් වල්කම් කිරීමටත් කාන්තාවන් පහත් කොට සැලකීමටත් නොහැකි වන නිසා බියට පත්ව ඇති අය බවත් ඇය සඳහන් කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස