පරණ වාහනයෙන් බැහැලා ගෝඨාගේ වාහනයට නඟින්න! – කැලණි මහ නාහිමිගෙන් මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවට ඇරයුම්….

August 12, 2019 at 9:15 pm | by emanisa.lk

සමස්ත මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවට සැකය, අවිශ්වාසය හා භීතිය පහකර ගනිමින් ඉදිරියට යාමට උචිත අවස්ථාවක් ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය තුළ නිර්මාණය වී ඇති බව කැලණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඊයේ (12) සන්ධ්‍යාවේ එම විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව සිදුකළ විශේෂ අනුශාසනයේදීය.

මුස්ලිම් ජනතාව විශේෂයෙන් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව තමන් සමග ඉතාම සමීපව කටයුතු කරන බවත් ඔවුන් පරණ වාහනයෙන් බැස අලුත් වාහනයෙන් ඉදිරියට ගියහොත් මේ රටේ ජනතාවගේ විශ්වාසය ඔවුන්ට දිනාගත හැකි බවත් එහිමියන් පෙන්වා දුන්හ. එහෙයින් එම මධ්‍යස්ථ මුස්ලිම් ප්‍රජාවට තමන් ගෝඨාභය රාජපක්ෂ සමග සම්බන්ධ වන ලෙස තමන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස