මං නම් කරන්න කලින් ජනතාව ගෝඨා ජනාධිපති අපේක්ෂක කරගෙන ඉවරයි!- ජාතියේ අපේක්ෂාව ගැන මහින්ද ලෝකයටම කියයි…

August 11, 2019 at 2:02 pm | by emanisa.lk

ජනතාව මේ වන විටත් සිය ජනාධිපති අපේක්ෂකයා බවට ගෝඨාභය රාජපක්ෂ තෝරා ගෙන අවසන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ නිහඞ ක්‍රියාකාරී පුද්ගලයෙකු බව ද ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ විපක්ෂය අසත්‍ය ප්‍රචාර ගෙනගිය ද ඔහු නරක පුද්ගලයෙකු නොවන බව ද විපක්ෂ නායකවරයා එහිදී පවසා තිබේ.

එමෙන්ම සුළු ජාතීන් තුළ ද මේ වන විට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ප්‍රසාදයක් ඇති වී ඇති බවත් ඔහු මුස්ලිම් ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කළ බවට නැඟෙන චෝදනා අසත්‍ය බව මුස්ලිම් ජනතාව තේරුම්ගෙන ඇති බවත් මහින්ද රාජපක්ෂ එම සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස