අපි ශ්‍රීලනිපය එක්ක සන්ධානගත වෙලා නෑ! ඒ නිසා ඔවුන්ට ඕනෑම දේශපාලන මතයක් දරන්න පුළුවන්! – ඩලස් (video)

June 9, 2019 at 10:36 am | by emanisa.lk

මේ අවස්ථාවේ රටේ පවතින ප්‍රධාන ධාරාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වුවත් තමන් තවමත් සන්ධානයක් ගොඩනංවා නොමැති පසුබිමක වෙනත් දේශපාලන පක්ෂවලට ඔවුන්ගේම දේශපාලන මතයක් තිබිය හැකි බව පාර්ලමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

“අපි තවම සන්ධානයක් ලෙස ගොඩනැගී නැහැ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපිට මතයක් තිබෙනවා. අපිට අපේ අපේක්‍ෂකයෙක් පිළිබඳව මතයක් තිබෙනවා.”

“ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විදිහටත් ඔවුන්ටත් මතයක් තිබෙන්න පුළුවන්. වෙනත් දේශපාලන පක්‍ෂවලටත් තව තවත් මත ඇති. ඒ මතවලට අපි ගරු කරනවා. ඔවුන්ට දරන්න තිබෙන ඒ අයිතිය අපි පිළිගත යුතුයි.”

“නමුත් අවසානයේ පොදු එකඟතාවකට පැමිණිය යුතු වෙනවා. මේ මොහොතේ තිබෙන රටේ ප‍්‍රධානතම දේශපාලන ධාරාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණයි. දේශපාලන විද්‍යාවෙන් උසස් පෙළ හදාරන දරුවන් පවා දන්නවා මේ මොහොතේ මේ රටේ තිබෙන ප‍්‍රධාන දේශපාලන ධාරාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා.”

චමින්ද කරුණාරත්න

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස