ශ්‍රීලනිපය දිනෙව්වා වගේම විනාශ කළෙත් මහින්ද රාජපක්ෂයි! අපි අවුරුදු දෙකකින් හමුදා සෙබලු එල්ලන්න සූදානම් වෙන්න ඕන! – දයාසිරි (video)

March 21, 2019 at 1:51 pm | by admin

පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැවැන්තම විනාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි. පක්ෂය නැගිට්ටෙව්වා වගේම පක්ෂ දිනෙව්වා වගේම පක්ෂය ජයග්‍රහණය කෙරෙව්වා වගේ ම රට බේර ගත්තා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කළේ ද ඒ බලවේගය විසින් බව ඔහු අවධාරණය කරයි.

කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජිනීවා මානව හිමිකම් සැසිවාදයේ බ්‍රිතාන්‍ය හා සම සහභාගීත්වයක් ගනිමින් රජය සිදු කර ඇත්තේ විනාශයක් බව ද පැවසු ජයසේකර මහතා, දෙමළ ජනතාව සමූල ඝාතනය කිරීමට කැපවුණ බව අපි විසින් පිළිගෙන ඇති බව ද පැවසීය.

ඇමෙරිකාව විසින් පසුගිය සතියේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වු බවත්, අපට ද කළ යුතුව තිබුණේ එය බව ද පැවසු දයාසිරි ජයසේකර මහතා, අපි තවත් වසර දෙකකින් ඒ හා සමඟ තිබු බැඳීම දික් කර ගත් බවත්, වසර 2කට පසුව අපේ හමුදා භටයින් එල්ලීමට සුදානම් විය යුතු බවත් කියා සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස