අපි මෙහෙම කොන් කරන්න එපා! ඇයි අපි යූඇන්පී නෙමේද? අපේක්ෂක තෝරන්න අපිත් ගන්න! – පාඨලී

September 22, 2019 at 4:41 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පමණක් තෝරා ගැනීම ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි ජාතික හෙළ උරුමයේ ඇමති පාඨලි චම්පක රණවක පවසයි.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් මිස එක්සත් ජාතික පෙරමුණු සාමාජිකයන් නොවන බව පෙන්වා දෙන ඇමතිවරයා අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා ගැනීමට ඇති හොඳම මාර්ගය ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්තට ඉඩ දීම බව පවසයි.

කෙසේ වුවද මෙයට පෙර ඇමතිවරයා මේ බව සඳහන් කළ අවස්ථාවේ ඇමති අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ එජාප ජනාධිපති අපේක්ෂකයා සිය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් තෝරා ගන්නා අතර සෙසු අයට ඔහු ජයග්‍රහණය කරවීමට කැපවිය හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස