අපි දිනන අපේක්ෂකයගේ පැත්තේ! – එජාප ඡන්ද මල්ලක් සමග දිගම්බරම් සෙලවෙයි….

September 12, 2019 at 12:42 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දෙන්නේ ජනතාව ඉල්ලන දිනන අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් පමණක් බව ඇමති පලනි දිගම්බරම් පවසයි.

මේ පිළිබඳ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කිරීමට කටයුතු කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය දිනන අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ඇතැයි ද ඊට පසු පැවැත්වීමට නියමිත මහා මැතිවරණය මෙන්ම පළාත් සභා මැතිවරණය ද තමන් ජයග්‍රහණය කරන බවත් හෙතෙම පැවසීය.

නුවරඑළිය නානුඔය වතුයායක නිවාස 25ක් ඉදිකිරීමට මුල්ගල් තැබීමේ උත්සවයකට එක්වෙමින් (09) ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස