අපි ජනරැලි නැවැත්තුවේ ජනතාව එන්නේ නැති නිසා නෙමෙයි! සල්ලි වියදම් කරලා සෙනග ගේන්න ඕනකමක් නැති නිසා! – ජාතික ජනතා පක්ෂය

October 26, 2019 at 2:05 pm | by emanisa.lk

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක රටපුරා පවත්වන ප්‍රචාරක රැලි මාලාව නවත්වා තිබේ.

එම ප්‍රචාරක රැලි සඳහා පාක්ෂිකයන්ගේ සහභාගීත්වය අඩු නිසා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ගම්පහ පැවති ප්‍රථම ප්‍රචාරක රැලියට බලාපොරොත්තු වූ තරම් පිරිසක් සහභාගී නොවූ අතර කෑගල්ල රැස්වීමටද ඒ ආකාරයට අඩු ජන සහභාගීත්වයක් තිබූ නිසා මහේෂ් සේනානායක ඊට සහභාගි වී නොමැත.

මේ සම්බන්ධයෙන් ජාතික ජනතා පක්ෂයේ ප්‍රධානියකු පවසා ඇත්තේ සිය පක්ෂයට මුදල් වැයකර පාක්ෂිකයන් රැලිවලට ගෙන්වා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස