අපරාධකාරයෝ රස්සාවෙන් අස් වුණාම නිවැරදිකරු වෙන්නේ නෑ! දෑතේ ලේ තැවරුණු අන්තවාදීන් වහාම අත්අඩංගුවට ගනු! – සරත් වීරසේකර

June 3, 2019 at 6:14 pm | by admin

බරපතළ අපරාධ චෝදනා එල්ල වූ පුද්ගලයකු තමාගේ රැකියාවෙන් ඉල්ලා අස් වූ පමණින් අපරාධයෙන් නිදහස් විමට නොහැකි බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

“බරපතළ අපරාධ චෝදනා එල්ල වූ පුද්ගලයකු තමාගේ රැකියාවෙන් ඉල්ලා අස් වූ පමණින් අපරාධයෙන් නිදහස් වෙන් බෑ. වගකිය යුතු රටේ නායකයන්ට අපරාධකරුවන්ට ඉල්ලා අස්වීමට ඉඩ සලස්වා ඇඟ බේරා ගෙන ඉන්න බෑ.”

වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා ආණ්ඩුවෙන් බල කරමින් ඉල්ලා සිටින්නේ අසාද් සාලි, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන් සහ මුජිබර් රහුමාන් යන හතරදෙනා වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බවය.

අපරාධකරුවන් නිදැල්ලේ සිටින විට ඔවුන්ගේ ගෝලයන් එම අපරාධ නොකඩවා කරගෙන යන බවත්, රජය කෙරෙහි මහජනතාවගේ ඇති විශ්වාසය ගිලිහී යන බවද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස