අධිකරණ නියෝග නොතකා දෙමළ සන්ධාන මන්ත්‍රී ගුරුකන්ද පුරාවිද්‍යා බිමට කඩා වදී! කිසිදු ඉදිකිරීමක් වෙනස් කිරීමක් තහනම් කළ භූමිය ඉදිකිරීම් සඳහා සකසයි! පුරාවිද්‍යා බලධාරීන් නිහඬයි!

August 3, 2019 at 10:18 am | by emanisa.lk

කිසිදු ඉදිකිරීමක්‌ හෝ වෙනස්‌ කිරීමක්‌ සිදු නොකරන ලෙසට අධිකරණය විසින් නියෝග කර ඇති මුලතිව් ගුරුකන්ද පුරාවිද්‍යා භූමියේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන කුගනාදන් ඇතුළු පිරිසක්‌ (01) භූමිය සකස්‌ කරමින් සිටින බව වාර්තා වෙයි.

අක්‌කර 98 කින් යුත් එම භූමියේ කෝවිලක්‌ ඉදිකිරීමට සහ පුද්ගලයන් පදිංචි කිරීම සඳහා මෙලෙස භූමිය සකස්‌ කරන බවත් වාර්තා වෙයි.

අධිකරණ නියෝග නොතකමින් මේ ආකාරයට එම භූමිය පෙර අවස්‌ථා දෙකකදී සකස්‌ කර ඇති අතර කුගනාදන් නමැති හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ‘ඇඟ බැදීමට’ පවා අධිකරණය විසින් කටයුතු කර ඇත.

අධිකරණ නියෝග නොතකමින් සිදුකරන මෙම කටයුතු නවතා දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහාම මැදිහත්විය යුතු බව ගුරුකන්ද විහාරයේ දායකයෝ කියති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස