අගෝස්තු 11 ගෝඨා ජනාධිපති අපේක්ෂක කරන්නේ නෑ! සන්ධානගත වෙලා වෙන අපේක්ෂකයෙක් දානවා! – දුමින්ද

August 2, 2019 at 8:55 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා අගෝස්තු 11 ප්‍රකාශයට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක පවසයි.

එදිනට මහින්ද රාජපක්ෂට එම පක්ෂ නායකත්වය ලබාදීම පමණක් සිදුවනු ඇති බවත් ජනාධිපති අපේක්ෂකයා දැනගැනීම සඳහා තවත් කාලයක් බලා සිටින්නට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම තමන්ගේ පෞද්ගලික මතය බවත් තමන්ට නම් කලබල නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා රට ද කලබල වීමට අවශ්‍ය නොමැති බවත් සන්ධානගත වීමක් සිදුවුණහොත් වෙනත් පුද්ගලයකු අපේක්ෂකයා ලෙස ඉදිරියට පැමිණීමට හැකියාව පවතින බව ද අවධාරණය කළේය.

දුමින්ද දිසානායක මේ බව පැවසුවේ ඊයේ (01) පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස