එකට ආණ්ඩු කළ එජාපය එක්ක අපි යාළුයි! ඒත් මම එජාපයට යන්නේ නෑ! – දුමින්ද දිසානායක

March 22, 2019 at 9:13 pm | by admin

තමන් එක්සත් ජාතික පක්ෂයට එක්නොවන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන්නේදැයි තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් තමන් එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම පසුගිය කාලයේදී එකට වැඩ කිරීම හරහා පක්ෂ දෙක අතර වෛරය, ක්‍රෝධය, තරහ නැති කිරිමට හැකි වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

අවශ්‍යවන්නේ මැතිවරණ කාලසීමාවේදි ප්‍රතිපත්ති ගැන විවේචනය කිරිමක් හා ඉන් පසුව එක්ව වැඩ කිරිමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *