රනිල් දුමින්ද සබීතාගේ බිල්ඩිම අධිතක්සේරු කරලා! තක්සේරුවට වඩා මිලියන 7.5 ක් මසකට ගෙවලා!

April 6, 2019 at 7:41 am | by admin

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි නව ගොඩනැගිල්ල වෙත රැගෙන යාමේදී එම ගොඩනැගිල්ල සඳහා රජයේ තක්සේරුකරු කළ තක්සේරුවට වඩා වැඩි මුදලකට අදාළ ගොඩනැගිල්ල මිලදී ගත්තේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය  ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.

ඇය මේ බව සඳහන් කරනු ලැබුවේ  කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 කට නව ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙත ලැබූ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී ය.

විශාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු  උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පස් පුද්ගල කොමිෂන් සභාව හමුවේ වැඩිදුරටත් සාක්කි ලබා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහාකර ලේකම්වරිය කියා සිටියේ අදාළ අමාත්‍යාංශ නව ගොඩනැගිල්ලට රජයේ තක්සේරුකරු රුපියල් මිලියන 13.5ක් තක්සේරු කළත් ඊට වැඩි මුදලකට එනම් රුපියල් මිලියන 21ට මෙම ගොඩනැගිල්ල කුලියට ගත් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස