බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන පොහොට්ටුවෙත් මත දෙකක් තියෙනවා! අපි ඒ ගැන තවම තින්දුවක් ගත්තේ නෑ! – දුමින්ද දිසානායක

May 16, 2019 at 4:28 pm | by admin

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දීම හෝ නොදීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

පක්‍ෂයක් ලෙස දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළ අතර විශ්වාසභංගය ගෙන එන ඒකාබද්ධ විපක්‍ෂය තුළත් ඒ සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *