අගමැතිතුමා පක්ෂයට ආදරෙයි නම් ජනාධිපති අපේක්ෂකකම සජිත්ට දෙන්න ඕන! – තෙවරප්පෙරුම

August 20, 2019 at 5:06 pm | by emanisa.lk

රනිල් සජිත් ලෙස පක්ෂය දෙකට බෙදී කටයුතු කිරීම විරුද්ධ පක්ෂ ජනාධිපති අපේක්ෂකයාට වාසිදායක බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම පවසයි.

“රටේම ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ජනාධිපති අපේක්‍ෂකයා කරන්න කියලයි. ඒ අනුව අපි පක්‍ෂයක් ලෙස ජනතාවගේ මතයට හිස නමන්න ඕනෑ. අගමැතිතුමයි, නියෝජ්‍ය නායකතුමයි කතාබහ කරලා බහුතර කැමැත්තට ඉඩදිය යුතුයි.

අගමැතිතුමාගෙන් අපිත් ඉල්ලන්නේ මේ වෙලාවේ ජනාධිපති අපේක්‍ෂකකම සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාට දෙන්න කියලයි. පක්‍ෂයට ආදරේනම් එය එසේ විය යුතුයි. ජනතාව ඉල්ලන එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකයා කවුද එයා දැන්ම ඉදිරිපත් කරන්න ඕනෑ.

දැන් වෙලා තියෙන්නේ මේ පක්‍ෂය දෙකට කැඩිලා. අර්බුද ගොඩකයි තියෙන්නේ. කට්ටියක් සජිත් මහත්මයා ළඟ ඉන්නවා. තව කට්ටියක් රනිල් මහත්තයා ළඟ ඉන්නවා.

එහෙම වුණාම එක්සත් ජාතික පාක්‍ෂිකයා කලකිරිලා පක්‍ෂය හැරදාලා යන එකයි වෙන්නේ. මේ අර්බුදය දැන්ම විසඳාගත යුතුයි. එහෙම නැතිවුණොත් විරුද්ධ පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාට තමයි වාසිය එන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස