O/L, A/L නැති “2020 ජනපති සජිත්”ට පිළිගත් උපාධියකුත් නෑ! පිං උපාධියේ පැටිකිරියයි එංගලන්තේ කෙරුවාවයි සියල්ල එළියට! (vedio)

August 2, 2019 at 11:27 pm | by emanisa.lk

ඇමති සජිත් ප්‍රේමදාසට මෙරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුදුසුකම් පමණක් නොව එංගලන්තයේ පිළිගත් උපාධියක් ද නොමැති බව ප්‍රකට අන්තර්ජාල දේශපාල විශ්ලේෂකයකු වන දර්ශන හඳුන්ගොඩ සාධක සහිතව පෙන්වා දෙයි.

සිය පියා වන ආර්. ප්‍රේමදාස මෙරට අගමැති සහ ජනාධිපති ලෙස කටයුතු කරන සමයේ අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තයට ගිය සජිත් ප්‍රේමදාස සිදුකර ඇත්තේ කමින් බොමින් සුඛෝපභෝගී වාහනවල යමින් ඉතාම කෙළිලොල් ජීවිතයක් ගත කිරීම මිස අධ්‍යාපන කටයුතු නොවේ. ඒ පිළිබඳ ඔහුගේ සමකාලීනයන් කී කතා ද හඳුන්ගොඩ හෙළි කරයි.

ඔහු 1991 වසරේ එංගලන්ත විශ්වවිද්‍යාලයකින් ලබා ඇති උපාධිය උපාධි අපේක්ෂකයා රෝගාතුරු වීම ආදී නොවැළැවිය හැකි හේතුවක් මත ලබා දෙන සානුකම්පිත (An Aegrotat) උපාධියකි. මෙම උපාධි ලොව පුරා unclassified degree යනුවෙනි. ඔහුගේ පියා වන ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය වන්නේ 1993 මැයි 01 වන දිනය.

අනෙක් අතට දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමේ මෙහෙයුම පිටුපස සිටින්නේ සිරසේ කිලී මහාරාජා, රවී විජේරත්න වැනි කුප්‍රකට කැසිනෝ ව්‍යාපාරික ධනවතුන් බවත් සජිත් ද අයත් වන්නේ ඔවුන්ගේ ධනපති පන්තියට මිස පීඩිත පන්තියට නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

දේශපාලන මතවාදමය වශයෙන් කිසිදු එකඟතාවක් නැති මංගල සමරවීර ඇමති සජිත් ජනාධිපති අභිශේක ගැන්වීමට උත්සාහ කරන්නේ ඔහු අගමැති වීමේ ගේමක් ලෙස විය හැකි යැයි හඳුන්ගොඩ සැක පහළ කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස