Corona# ලංකාවේ මුල් දින 20ට 150යි! ඇමරිකාවේ 11යි! තව සති තුනකින් ලංකාවෙි 660යි! ඇමරිකානු හොප්කින්ස් සරසවියේ පුරෝකතනය මෙන්න..

April 3, 2020 at 7:24 am | by emanisa.lk

කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාව පළමු දින 20 තුළදී ඇමරිකා එක්සත් ජනපදය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ශ්‍රී ලංකාවේ මුල්දින 20 තුළ කොරෝනා ආසාදිත පිරිස 150ට ආසන්න වුවද ඇමරිකා එක්සත් ජනපදයේ මුල් දින 23ටම වාර්තා වී ඇති රෝගීන් 11කි.

මේ සියලු කාරණා සලකා බලමින් ඉදිරි දින 07 ඇතුළත අවම වශයෙන් ශ්‍රී ලංකාවෙන් තවත් රෝගීන් 244 අපේක්ෂා කළ හැකි බව ඇමෙරිකාවේ සුප්‍රකට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පුරෝකථනය කර ඇති බව සංගමය පෙන්වා දෙයි.

ඉදිරි දින 14 ක් තුළ රෝගීන් 403ක්, දින 21ක් තුළ රෝගීන් 660ක් වාර්තා වනු ඇතැයිද ඔවුන් පුරෝකතන කර ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම පුරෝකථනයන් ඉදිරිපත් වන්නේ දැනට හඳුනාගෙන ඇති රෝගීන් අනුව බවත් හඳුනා නොගත් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස