ලංකාවෙන් කොරෝනා රෝගීන් 72ක්! දෙදෙනෙකුට බරපතළයි!

March 21, 2020 at 8:28 am | by emanisa.lk
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ (20) රාති‍්‍රය වන විට 72 ක් දක්වා ඉහළ ගියේය.

ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගය.

ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 කි.

හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කරයි.

මේ වන විට වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස