corona# මුළු ආසාදිතයන් 1810යි! සුවපත් පිරිස 891යි! ප්‍රතිකාර ලබන පිරිස 908යි!

June 6, 2020 at 9:38 pm | by emanisa.lk

අද(06) සවස 6.30 වන විට‍ තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1810 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් සිව්දෙනා සමඟින් මේ වන විට මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 908 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර අද දිනයේදී ආසාදිතයින් 33 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබු මුළු සංඛ්‍යාව 891 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 11 ක් මෙරටින් වාර්තා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස