තමන්ට පෙනෙන ආකාරයට 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුවට 2/3ක් නොමැති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පවසයි.
විජේදාස රාජපක්ෂ, විදුර වික්රමනායක වැනි ආණ්ඩුවේ මන්ත්රීවරුන්ගේ ප්රකාශවලින් තහවුරු වන්නේ ඔවුන් 20 වෙනි සංශෝධනයට එරෙහි වන බව යැයි ද ඔහු පෙන්වා දෙයි.
රටට ආදරේ ප්රජාතන්ත්රවාදයට ගරු කරන කිසිවෙකුට 20 වෙනි සංශෝධනය සඳහා සහාය ලබා දිය නො හැකි බව ද හෙතෙම සඳහන් කළේය.