රහසිගත යැයි කියූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙක්ගේ ෆේස්බුක් පිටුවේ!

October 11, 2020 at 9:59 am | by emanisa.lk

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රසහසිගතව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යවා තිබේ.

කතානායකවරයා පවසන්නේ එම තීන්දුව සහිත ලිපිය සිය කතානායක කාර්යාලයට ලැබී ඇති බවත් 20 වෙනිදා පාර්ලිමේන්තුවට ගිය පසු එය විවෘත කර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත්ය.

කෙසේ වුවද මේ වන විට අදාළ රහසිගත තීන්දුවේ බව කියන පිටු 56ක ලිපියක පිටපත් සමාජ මාධ්‍යවල පළ වී තිබේ. එය පළකර ඇති පුද්ගලයා ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙකු බව ද එහි සඳහන් වෙයි.

20 වන සංශෝධනයේ 3, 5 14, 22 වන වගන්ති පාර්ලිමේන්තුවේ 2/3කින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවත් සෙසු සංශෝධන සඳහා 2/3 ප්‍රමාණවත් බවත් අදාළ තීන්දුවේ සඳහන් යැයි එහි වැඩි දුරටත් පවසා තිබේ.

මෙම රහසිගත තීන්දුව පාර්ලිමේන්තුව දැන ගැනීමටත් පෙර තමා වෙත පැමිණියේ කෙසේ දැයි අදාළ නීතීඥයාගෙන් එහි දී අයෙකු විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ එය කතානායකගෙන් විමසන ලෙස ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස