හිස ආසන්නය වෙනුවට අතේ මැණික් කටුව අසල පරික්ෂා කිරීමෙන් ශරීරයේ නියමිත උෂ්ණත්වය දැන ගැනීමට නොහැකි බව විශේෂඥ වෛද්‍ය ගුණසේන පවසයි.
‘සාමාන්‍යයෙන් පුද්ගලයෙක් එළිමහනේ ඇවිදලා කිසියම් ආයතනයකට ඇතුළු වන විට ඔහු දෑත් සෝදා ඇතුළු වීම සෞඛ්‍ය නීතියක්. මෙසේ දෑත් සේදූ පුද්ගලයකුගේ අතේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ වගේ ම අතේ උෂ්ණත්වය සාමාන්‍ය සිරුරේ උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක එකක් පමණ අඩුයි.
එවන් විටක උෂ්ණත්ව මාපකයකින් ලබා දෙන්නේ නිවැරදි නොවූ දත්තයන්. එවිට එම පුද්ගලයාට උණ තියෙනවාද? නැද්ද යන වග නිවැරදිව දැනගැනීමේ හැකියාවක් නැහැ.
හිස ප්‍රදේශයේ අධෝරක්ත කිරණ ආශ්‍රයෙන් උණ මැනීම නිසා පිළිකා ඇති වන බවට පැතිර යන මිත්‍යාව මේ විදිහට අතේ උණ මනින් හේතුවක් වෙලා.’