හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ ආධාරකරුවන් මංගල සමරවීර වෙනුවෙන් මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කර තිබේ
ඒ අනුව “අපට ඕන මංගල” තේමාව යටතේ හිටපු ඇමතිවරයාගේ ආධාරකරුවන් මාතර ප්‍රදේශයේ ගෙවල්වලට යන බව වාර්තා වෙයි.
කෙසේ වුවද සජිත් ප්‍රේමදාසගේ සමග ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාරදුන් මංගල සමරවීර මැතිවරණ කොමිසම නාමයෝජනා පිළිගත් දිනට පසුදින ප්‍රකාශ කළේ තමන් තරඟ නොවදින බවත් තමාට මනාප ලකුණු නොකරන ලෙසත්ය.
එකල සමාජ මාධ්‍යවල බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණේ එම ප්‍රකාශය ජනතාවගේ අනුකම්පාව දිනාගැනීම සඳහා කළ ප්‍රකාශයක් බවත් එසේ විශේෂ අනුකම්පාවක් නොමැතිව මෙවර මැතිවරණය ජයගැනීමේ හැකියාවක් ඔහුට නොමැති බවත්ය.
බුදු දහමට සහ භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීම, ජිනීවාහි රණවිරුවන් පාවාදීම ආදී හේතු නිසා පසුගිය සමයේ මංගල සමරවීර සිංහල ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්විය.
මේ ආකාරයට උපක්‍රමශීලී මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයක් තුළින් පරාජය වුව ද මනාප අඩු ප්‍රමාණයක් ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරි පත්වුවද එය සාධාරණීකරණය කර ගැනීමේ හැකියාව මංගල සමරවීරට හිමි වන බව දේශපාලන විචාරක මතයයි.