මංගල රනිල්ගේ හොඳම යාළුවෙක්! ඔහු වැඩ කරන්නේ සජිත් පරාද කරන්නයි! – නාමල්

June 14, 2020 at 8:33 am | by emanisa.lk

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස අන්ත පරාජයක් ලබන බව මංගල සමරවීර මාතර දී ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස ළඟ තබා ගෙන බව නාමල් රාජපක්ෂ පවසයි.

මංගල සමරවීර රනිල් වික්‍රමසිංහගේ සමීපතමයකු බවත් තමන්ට නාමයෝජනා ලබා දෙන අයගේ පසුබිම කුමක් දැයි සජිත් ප්‍රේමදාස විමසා බැලිය යුතුව තිබූ බව ද හෙතෙම අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයෙන් මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා භාර දුන් මංගල සමරවීර මේ වන විට මැතිවරණයට තරඟ නොකරන බව සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස