විමල් වීරවංශ 2007 වසරේ ටිකක් ඉවසුවේ නම් ඔහු තවමත් ජනතා විමුක්ති පෙරමුණේ තමන් සමග සිටිනා බව එම පක්ෂ දේශපාලන බලමණ්ඩල සමාජික කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
සතිඅන්ත පුවත්පතක් සිදුකළ සාකච්ඡාවකදී විමල් වීරවංශගේ දේශපාලන දිවියට විසි වසරක් සපිරීම පිළිබඳ අදහස් විමසූ විට ඔහුුු මෙසේ පවසා තිබිණි.
“මල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ. ඔහු මා දන්න අවධියෙ ඉඳන්ම හිටියෙ ඔහු දැනට දරන දේශපාලන මතවාදයෙම තමයි. ඔහු අපිත් එක්ක ඉද්දිත්, අපෙන් ගියාට පස්සෙත් එකම දේශපාලන අරමුණකින් විවිධ මං සොයමින් ඉදිරියට ම යනවා. ඔහු දකින දේට අනුව, ඉතාම වේගයෙන් ක්රියාත්මක වෙන කෙනෙක්. වේගයෙන් උපක්රම තෝරන කෙනෙක්.
ඔහු සතුරා යැයි හඳුනාගත්තු අයට දැඩිව පහර දෙනවා. ඔහු මිතුරා යැයි හඳුනාගත්තු අය එක්ක දැඩි මිත්රකම් පවත්වනවා.විමල්ට වේගෙන් ලියන්න පුළුවන්. වේගෙන් කතා කරන්න පුළුවන්.
මෙතැනදි විමල් ජ.වි.පෙ.න් ඉවත්ව යාම ගැනත් යමක් කියන්න ඕන. එකක් තමයි විමල් ඉවත්ව ගිය එක. අනික තමයි පක්ෂය විමල්ව ඉවත් කළ එක. මේ දෙකම එකවර සිද්ධ වුණා. යම් විදියකින් විමල් තව ටිකක් ඉවසීමෙන් වැඩ කළා නම්, සමහරවිට විමල් තවමත් අපිත් එක්ක ම ඉන්නවා.
විමල්ගෙ විශේෂ ගති ලක්ෂණ ගැනත් යමක් කියනව නම්, මට හිතෙන්නෙ විමල් මිතුරු ඇසුරු පවත්වන විදියත් ටිකක් විශේෂයි කියලා. එයා කවුරු හරි එක්ක තද බල මිත්රත්වයක් පටන්ගත්තොත් ඒක උපරිමයෙන් නඩත්තු කරනවා. යම් මොහොතක ඒ මිත්රත්වය පලුදු වුණොත් එහෙම එයා සම්පූර්ණයෙන්ම අනික් අන්තයට යනවා. ඒ කියන්නෙ සදාකාලිකව අත්හරිනවා.විමල් ගැන ඉතිං මට කියන්න තියෙන්නෙ ඕවා තමයි.”