අපට ජනතාව සලකන හැටි බලන්න මං එක්ක වාහනේ යන්න එන්න! – ලාල්කාන්ත

February 11, 2020 at 9:09 pm | by emanisa.lk

ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට සැබෑ උවමනාවක් ඇති දෙදෙනෙකුට මාසයක් තම වාහ⁣නයේ යාමට එන මෙන් ජවිපෙ කේ.ඩී. ලාල්කාන්ත අභියෝග කරයි.

පසුගියදා එම පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති තමන් පඩියක් නොමැතිව ජීවත් වන ආකාරය පිළිබඳ කළ හෙළිදරව්වක් සමාජයේ කතාබහට ලක්වීමත් සමග ඔහු මෙම අභියෝගය කර තිබේ.

මේ ඔහුගේ සමාජමාධ්‍ය පිටුවක ඒ පිළිබඳ පළකර ඇති සටහනකි.

“ජනතා විමුක්ති පෙරමුනේ පූණ කාලීන සාමාජිකයෙක් ගැන අවබෝධ කරගන්න අවශ්‍යතාව සැබෑවට තියෙන දෙදෙනෙකුට ලාල්කාන්ත වන මා සමග මාසයක් මා යන වාහනේ මා සමග එන්න ආරාධනා කරනවා.

මම යන වාහනේ තව දෙන්නෙක්ට යන්න පුළුවන්. අපිට කන්න බොන්න දෙන අය ඒ අයටත් සලකාවී.

ඒ එන අයට අවබෝධ කරගන්න පුළුවන් සැබෑවට ම ජ.වි. පෙරමුණේ පූර්ණකාලිකයින් සහ පක්ශ යට උදව් උපකාර කරන අය ගැන.

සැබෑ අවශ්‍යතාව ඇති දෙදෙනෙකුට අවස්තාව ඇත.”

කෙසේ වුවද සිය දියණිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් ලබා ගැනීම පිළිබඳ ආන්දෝලනයක් මතු වූ විට ඔහු සඳහන් කළේ තමන් හිඟන්නන් නොව වතුපිටි හිමියන් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස