වැඩ තහනමකට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන මෙන් විනිසුරු ගිහාන් පිලපිටිය විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය අද නිකුත් කරන ලදී.
ඒ අනුව නිසි පරිදි මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබාගන්නා ලද නියෝගයකින් තොරව ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගත නොහැකිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬපටවලින් හෙළි වූ කරුණු අනුව විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබිණි.
ඊට එරෙහිව විනිසුරු විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරන ලදී. අදාළ චෝදනා මත විනිසුරුවරයා මේ වන විට වැඩ තහනමකට ලක් කර තිබේ.