යූඇන්පි මන්ත්‍රීකමයි හෙද සභාපතිකමයි දෙකක් බෑ! වහාම ඉල්ලා අස්වනු! – හෙද සංගමයෙන් සමන්ට බලපෑම්….

February 16, 2020 at 7:09 am | by emanisa.lk

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයෙන් වහා ඉල්ලා අස්වන ලෙස එම සංගමයේ භාණ්ඩාගාරික ජයන්ත විමලසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රියගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සමන් රත්නප්‍රියට තවදුරටත් ස්වාධීන වෘත්තීය සමිතියක කටයුතු කළ නොහැකි බව ජයන්ත විමලසිරි මහතා ජාතික පුවත්පතකට පවසා ඇත.

මේ වන විට හෙද සේවාවෙන් විශ්‍රාම යාමටද ඉල්ලුම්කර ඇති සමන් රත්නප්‍රියට සංගමයේ ව්‍යවස්ථාව අනුව තවදුරටත් එහි සාමාජිකත්වය දැරීමට අයිතියක් නැතැයිද හෙතෙම පවසා සිටී. මාර්තු 06 දා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමක් කැඳවමින් සමන් රත්නප්‍රිය අත්සන් යොදා ලිපි නිකුත්කර ඇතැයිද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී සිටින සමන් රත්නප්‍රියට එවැනි බලයක් නැතැයිද සංගමයේ සභාපති බලතල එහි ලේකම්වරයාට හෝ උප සභාපතිවරයාට වහා පවරා එම තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි තමන් සමන් රත්නප්‍රියට බලකරන බවද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස