අපි පරාද වුණේ ඡන්ද ලක්ෂ 22කින්! උතුරු නැඟෙනහිර නිසා ලැජ්ජාව වහගත්තා! රනිල් එක්ක සජිත්ට හැරෙන්නත් බෑ! – වජිර

January 20, 2020 at 8:58 pm | by emanisa.lk

ව්‍යවස්ථාව අනුව කළ යුතු දෙයක් වෙනත් ආකාරයකින් කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරා ගැනීම පාර්ලිමේන්තු කණ්ඩායමේ වැඩක් නොවන බවත් එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

අද වන විට එක්සත් ජාතික පක්ෂය විනයක් නැති දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා යැයි කැලෑ නීතියක් යටතේ පුද්ගලයෙක් නිවේදනය කළ ද මේ මොහොතේ පක්ෂ නායකත්වය වෙනස් නොවිය යුතු බවද ඔහු පැවසීය.

පසුගිය ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කය එජාපය අන්ත පරාජයකට ලක් වූ බවත් සජිත් ප්‍රේමදාසට ඔහු චෝදනාවක් ද එල්ල කළ අතර තමන් ගාල්ල ආසනය ජයගත් බව ද සඳහන් කළේ පක්ෂ නායකයන් සජිත්ගේ කකුලෙන් ඇද්ද බවට නැඟෙන චෝදනාවට පිළිතුරු දෙමිනි.

නායකත්වය ඉල්ලා පොරකෑම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් තමන් වෙනත් දේශපාලන පක්ෂයක එවන් තත්ත්වයක් දැක නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. වර්තමානයේ රනිල් තරම් නායකත්වයට සුදුසු අයකු එජාපයේ නොමැති බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජය ගත නොහැකි බව තමන්ගේ මතය වූ බවත් පැවසූ ඔහු එම ජනාධිපතිවරණයේ දී පක්ෂයේ ලැජ්ජාව වැසී ගිය උතුරු නැගෙනහිර පළාත නිසා යැයිද සඳහන් කළේය. එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලක්ෂ 22 බරපතළ පරාජයකට මුහුණ දී ඇතැයි ද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පල කළේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන සමග එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස