මේ ආණ්ඩුව බෞද්ධයන්ට සලකන්නේ නෑ! – බොදුබලසේනා

January 15, 2020 at 12:26 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව බෞද්ධයන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන බවක් පෙනෙන්නට නැතැයි බොදුබලසේනා සංවිධානය පවසයි.

ඊයේ (14) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදී එහි මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි මේ බව සඳහන් කළේය.

හැට දහසක් සිවුරු පූජා කරන ජාතික චීවර පූජාව මේ වසරේ පැවැත්වෙන බව ද පසුගිය රජය ඒ සඳහා ඉඩනොදුන් බව ද ඥානසාර හිමි පෙන්වා දුන්නේය.

බහුතර බෞද්ධ ජනතාව එකතු වී පාලකයකු පත් කරගත්ත ද මුස්ලිම් බලවේග සෑම තැනකම සූක්ෂ්ම ලෙස ස්ථානගත වෙමින් ඇතැයි එහිමියන් පැවසූහ.

හඬපට හරහා සැබෑ ප්‍රශ්න අමතක කරවා බෞද්ධයන්ගේ මොළ සෝදන බවත් එකතු වී ඇති ජාතික බලවේග අපතේ නොයවන ලෙසත් එහිමියන් ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස