මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව සජිත් ප්‍රේමදාස පවසයි.
කැකිරාව ප්‍රදේශයේ පැවති උත්සවයට සහභාගී වෙමින් ඔහු පැවසුවේ මහ මැතිවරණයේදී, ජනාධිපතිවරණයේ ලබාගත් ඡන්ද ප්‍රමාණය දෙගුණ කරගැනීමට බලාපොරොත්තු වන බවයි.
තමන් ජනාධිපතිවරයේදී ප්රචාරක රැලි 150කට සහභාගී වූ බවත් මහ මැතිවරණයේදී ප්රචාරක රැලි 300කට සහභාගී වීමට තමන්ට හැකියාව ඇති බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරණ පරාජයෙන් පසු තමන් පක්ෂ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වූ බවත් මැතිවරණ පරාජයට පසු වගකීම භාරගැනීමට නායකයන් ඉදිරිපත් විය යුතු බවත් අවධාරණය කළේය.
ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට දෙමළ සන්ධාන සහ මුස්ලිම් පක්ෂවල ඡන්ද ද ඇතුළත්ව ඡන්ද ලක්ෂ 55කට ආසන්න ගණනක් ලැබිණි.