ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් භික්ෂූන් වහන්සේලා හිඟන්නන්ට සමාන කරමින් ප්‍රකාශයක් සිදුකර තිබේ.
රජය ප්‍රසිද්ධ ස්ථානවල සිඟමන් යදින පුද්ගලයින් ඉවත් කිරීමට රජය ගත් තීරණය බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙමින් තිබෙන මොහොතක ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා ඔස්සේ සටහනක් තබමින් “භික්ඛු” යන්නෙහි තේරුම සිඟමනින් ජීවත් වන්නා හෙයින් ඔවුන්ට කළ යුත්තේ කුමක් දැයි විමසා ඇත.
කෙසේ වෙතත් භික්ෂූන් වහන්සේලා යනු යාචකයින් හා සමකළ හැකි පිරිසක් නොව උතුම් වූ ත්‍රිවිධ රත්නය නියෝජනය කරන බෞද්ධයාගේ ගෞරවයට ලක්වන පිරිසක් බව පෙන්වා දෙන බොහෝ පාර්ශව මෙම ප්‍රකාශයට විරෝධය පළකර තිබේ.
එසේම “භික්ඛු” යනුවෙන් හැඳින්වෙන්නේ සසරට භය දක්නා වූ, සුළුව වෙසෙන්නාවූ ද භික්ෂාවෙන් යැපෙන්නා වූ ද අයෙකු බව බුදු දහමේ සඳහන් වන්නේ යැයි ඔවුහු පෙන්වා දෙති.
නිර්මාල් රංජිත් දේවසිරිගේ මෙම ප්‍රකාශයට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.