මම මට ඡන්දය ලබා දුන් ජනතාවගේ පමණක් නොව ඡන්දය ලබා නොදුන් ජනතාවගේ ද ජනාධිපතිවරයා තමා බව හොඳින් අවබෝධ කරගෙන සිටින බව අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
එම කාර්ය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
එහෙයින් කිසිදු ජාතියක් ආගමක් නොසලකා සියලු දෙනා ශ්රී ලාංකිකයන් ලෙස සලකා සේවය කිරීමට තමා බැඳී ඇති බව සිටින බව දන්නේ යැයි හෙතෙම පවසයි.
ඊයේ (18) මැතිවරණ කොමිසමේ නිල ඡන්ද ප්රතිඵල නිකුත් කිරීමේ උත්සව අවස්ථාවට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.