ලොවම හඬවමින් සුජිත් පුතු ළිං කුහරය තුළම මිය යයි…

October 29, 2019 at 8:06 am | by emanisa.lk

තමිල්නාඩුවේ අතහැර දැමූ නළ ළිං වළකට වැටී දින 03ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක් කළ සුජිත් විල්සන් නම් 3 හැවිරිදි දරුවා අද උදෑසන මිය ගොස් තිිබේ.

දරුවා බේරා ගැනීමට 300කට අධික ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ නවීන උපකරණ යොදා ගෙන අඛණ්ඩ මෙහෙයුමක් දියත් කළ ද කුඩා විල්සන් බේරා ගැනීමට හැකි වූයේ නැත.

කෙසේ වුවද මේ වන විට දරුවාගේ සිරුර ගොඩගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසු සිරුර දෙමාපියන්ට භාරදීමට නියමිතය. පොලිස් නිලධාරියකු විසින් කුඩා විල්සන්ගේ සිරුර සහිත පෙට්ටිය රැගෙන යන ආකාරය පහත ඡායාරූපයේ දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස