ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඉල්ලා අස්වෙයි! සිවිල් වැසියෙක් ලෙස අධිකරණයට යන්න සූදානම්! (video)

March 18, 2019 at 9:54 am | by admin

ළමා අපචාර චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීම අද දින ආණ්ඩුකාරවරයා වෙත භාර දීමට නියමිතය.

තමා මෙම චෝදනාව පිළිනොගන්නා බවත් සිය තනතුරුවලින් ඉවත් වී සිවිල් පුරවැසියකු ලෙස නීතිය හමුවට යන බවත් එසේ නොවුණහොත් අදාළ තීන්දුව දේශපාලන බලය මත ලද එකකැයි අනාගතයේ ගරු අධිකරණයට අපහාස කරනු ඇති බවත් ඔහු පවසයි.

මෙයට පෙර ළමයකු පැහැර ගොස් විකිණූ බවට චෝදනා ලැබූ නිසා තලවකැලේ ළිඳුල නගර සභාවේ සභාපතිවරයාට පොදුජන පෙරමුණ පසුගිය මැතිවරණයේ දී අපේක්ෂකත්වය ලබා නොදුන් අතර ස්වාධීනව තරග කොට නැවත සභාපති වූ හෙතෙම පසුගියදා අගමැති සුරතින් එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මුල් වරට දකුණු පළාත් සභාවට තේරි පත් වුයේ එක්සත් ජාතික පක්ෂයෙනි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *